සදාචාරාත්මක බවට තාක්ෂණික දොර‍ටු වලංගු නොවේ. ඒ සදහා විධිමත් භාවිතාකරන්නාගේ පැමිනීම අනිවාර්ය වේ. Facebook දෙසට පසුගිය කාලයේ එල්ලවූ ප්‍රබල චඔදනාවක් වූවේ ඔවුන්ගේ Facebook, Instagram නැතිනම් WhatsApp වැනි සේවාවල් ඔස්සේ විශේෂයෙන් ලමා පරපුරට සිදුවන ගැටළු පිලිබඳවය. එම ආයතනය මෙම ගැට්ළුවට ආකාර කිහිපයකින් පිවිසෙන්නට උත්සාහ කල බව දක්නට ලැබිනි. සමහර විසඳුම් පිලිබඳව පසු විපරම් මට්ටමේ වන බවටයි වාර්ථා වූවේ. තවත් සටහනකින් කියවෙන්නේ ප්‍රායෝගික මට්ටමින් පලවීම් වල තත්වය ඉහල නංවන්නට කටයුතු කරනවා මෙන්ම සමස්ථ ආයතනික මට්ටමින් තම ක්‍රමවේදයන් ගැන සලකා බලන්නට ඉහල විධායක මට්ටමින් කටයුතු කරමින් සිටින බවකි.
සමාජජාලා පලවීම් හුඳු ප්‍රලාප මට්ටමත් අතිශය වෘතීය මට්ටමත් අතර යම් ස්ථරයකට ඉහල නංවන්නට වන වගකීම හදාරන්නන් බොහෝ දෙනෙකුගේ මතය වෙමින් ඇත. එය සමස්ථ වගකීමක් ලෙසට දෙපසටම එනම් ආයතනික මට්ටමින් මෙන්ම භාවිතාකරන්නන්ගේ මට්ටමින්ද වලංගුව තිබේ.
Pubudu Siriwansa