AdDuplex තම මාසික වාර්ථාව නිකුත් කරමින් පවසන්නේ මේ වන විට Microsoft නව මෙහෙයුම් පද්ධතියේ භාවිතාව Windows 10 වල සිට උස්තල ගැන්වීම් හෝ Windows 11 වෙත කෙලින්ම පැමිනීම් සමස්ථයක් ලෙසට 5.1% ලෙස ගනනය වෙමින් ඇති බවයි. එසේම ඔවුන් පවසන්නේ 90% තරම් ඉහල අගයකින් Windows 10/11 PCs වල 2020 හෝ 2021 සංස්කරන හෝ security patches මට්ටමක් දක්නට ලැබෙන බවයි. ඔවුන් මෙම හැදෑරීමේදී Windows Store වල වන 5,000 apps භාවිතය මූලිකත්වයෙන් සිදුකර ඇති බවටයි වාර්ථා වන්නේ. පසුගිය මාසයේ පලවූ වාර්ථා පවසා සිටියේ windows 11 භාවිතාව 1.3% ක වූ බවකි. Microsoft පවසන්නේ windows 10 භාවිතාකරන්නේකුට අන්තර්ජාලය ඔස්සේ තම PC Health Check utility එක බාගත කර ඒ ඔස්සේ තම PC සදහා windows 11 වල ගැලපෙන බව පරික්ෂාකර ගත හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa