Google Maps යනු ලොවපුරා මහත් භාවිතාවක් දිනාගත් Online සේවාවකි. Google ආයතනය තම Maps සේවාවට එක්වන නව අංග කිහිපයක් ගැන මේ වන විට නිවේදනය කර සිටිනවා. විශේෂයෙන් එලබෙන උත්සව කාලයේදී වඩාත් වැදගත් වන්නට හැකි මෙම සේවාවන් අතර Area Busyness ඔස්සේ වඩාත් ජනාකීර්න වන ස්ථාන මෙන්ම වඩාත් ජනාකීර්න වන්නට ඉඩ ඇති ස්ථාන පිලිබඳ පෙර නිගමනයන් ලබා ගන්නට හැකිවනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. එසේම මෙතෙක් Google Maps power user ලා සදහා පමනක් වූ Directory tab එක මේ වන විට Android හා iOS භාවිතාකරන්නන් සදහාද මුදා හරින්නට එම ආයතනය කටයුතු කර ඇති අතර ඒ ඔස්සේ තමන් අවට වන ආයතනයන් පිලිබඳව පහසුවෙන් තොරතුරු ලබා ගන්නට හැකිවනවා. ඒවා සමග opening hours, rating වැනි තොරතුරු සමග මහත් පහසුවක් භාවිතාකරන්නා හට ලැබෙනු ඇත.
මීට අමතරව දැනට US වලට පමනක් සීමා වන සේවාවක් වන Pickup with Google Maps ඔස්සේ ඔබගේ ඇනවුමක මේ මොහොත වන විට ඇති තත්වය හා ඔබේ ETA ඔස්සේ එම ආයතන සමග පහසුවෙන් කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා ඇත. එසේම restaurants වැනි ආයතනයන්ගේ මිල ගනන් පිලිබඳව තොරතුරු මෙන්ම පාරිභෝගිකයන්ගෙ අදහස් පහසුවෙන් බෙදා හදාගන්නට Google Maps ඔස්සේ හැකිවන්නට නියමිත බවට තොරතුරු පලවනවා.
Pubudu Siriwansa