Windows 11 මේ වන විට ක්‍රමයෙන් භාවිතයට පිවිසෙමින් ඇති Microsoft වල මෙහෙයුම් පද්ධතියයි. යම් යම් ගැටළු පිලිබඳව තොරතුරු වාර්ථා වුවද පොදුවේ සැලකීමේදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථකව භාවිතාවට එක්වෙමින් ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ අවධානයට ලක්වූ printer issues සදහා මේ වන විට එම ආයතනය පිලිසකර නිකුත්කර ඇති අතර නවතම නිවේදනයක් වන්නේ windows මෙහෙයුම් පද්ධති සමග ප්‍රකට Blue Screen of Death (BSOD) සදහා වන තිරයට පෙර භාවිතාවූ blue වර්ණය වෙනුවට Windows 11 සමග පැමිනි black වර්නය තම නවතම Insider build 22000.346 සංස්කරනය සමග පෙර පරිදි blue වර්ණය වෙත මාරුවී ඇති බවයි. හදාරන්නන පවසන්නේ 2016 දී ඒවකට පැවති පෙර සංස්කරන සදහා එම ආයතනය Green Screen of Death එකක් භාවිතාකරන ලද අතර බොහෝ විට තම Final stable versions වලින් එම වරද වෙනව හඳුනා ගන්නට මෙම භාවිතාවන් සිදුවන්නට ඇති බවයි.
Pubudu Siriwansa