Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Windows 11 නිකුතුව “eligible Windows 10 devices” සදහා පෙර සැලසුම් කල වේගයට වඩා වැඩි කරන්නට තමන් තීරනය කර ඇති බවයි. එම සමාගම තම නව මෙහෙයුම් පද්ධතිය සදහා පෙර පරිදි වූ සාම්ප්‍රධායෙන් බැහැරව processor requirement සහ අනෙකුත් system specs requirements වලින් සීමා වෙමින් නිකුත් කරන්නට කටයුතු කරමින් සිටින අතර වඩාත් සාර්ථක භාවිතාවක් එනම් වෙගවත් බව හා ආරක්ෂිත බව ඉහල මට්ටමක තබා ගන්නට කටයුතු කරමින් සිටින බවටයි පවසන්නේ. එම ආයතනය මේ වන විටත් තම Windows 10 සදහා version 2004 සදහා සහය දැක්වීම 2021.12.14 වන විට අවසන් කරන්නට නියමිත බවට නිවේදනය කර ඇති අතර එම භාවිතාකරන්නන් හට ඉන් පසුව windows 11 වෙතට පැමිනීම හෝ windows 10 වල නව සංස්කරනයක් කර පැමිනෙන්නට යෝජනාකර තිබෙනවා. Microsoft ආයතනය තම windows 10 සදහා වන Windows 10 21H2 update (November 2021) මේ වන විට නිකුත් කර ඇති අතර ඔවුන් පවසන්නේ තමන් windows 10 සදහා වන මීලග සංස්කරනය 2022 දෙවන භාගයේ නිකුත් කරන්නට සැලසුම්ව ඇති බවයි.
Pubudu Siriwansa