Windows 10 Mobile සමග ඔබගේ දුරකථනය Pc භාවිතාවට බොහෝ සෙයින්ලංවනු ඇති බවට අනාවැකි පලවුනේ Windows 10 Continuum අංගය සමගනි. windows 10 වල මොබයිල් මෙහෙයුම් පද්ධතියේ නිකුතුවට ආසන්න වෙමින් පවතින මේ වන විට Microsoft සමාගම මෙම හැකියාව පිලිබදව වැඩි දුරටත් තොරතුරු හෙලි කරමින් සිටිනවා. Windows Store apps වල්ට පමනක් සීමාවන මෙම භාවිතාව ඔස්සේ අයෙකුට තම වින්ඩෝස් දුරකතනය සමග mouse, keyboard සමග external display එකකට සම්බන්ද වන්නට හැකි වන අතර මෙම Continuum හැකියාව wired නැතිනම් wireless ආකාරයට යොදා ගත අහෙකි බවටයි පැහැදිලි කරන්නේ. යම් විටක භාවිතාකරන්න හට mouse එකක් නැති විටකදී තම Phoneය touchpad එකක් ලෙසට භාවිතාකරමින් කර්සරය හසුරවන්නටද හැකි වන බවටයි පැහැදිලි කරන්නේ. මෙම භාහිර තිරය ‘Second display’ එකක් ලෙසට භාවිතාවන අතර එසේ භාවිතාවන අතර දුරකථනය වෙතට එන call හෝ text සබදතාද ගැටලුවකින් තොරව පවත්ගෙන යන්නට හැකි වනු ඇති බවට පැහැදිලි කෙරෙනවා.