Google Plus යනු ගූගල් සමාගම විසින් හඳුන්වා දෙන ලබන සමාජ ජලාව වේ. ආයතනය එය හඳුන්වා දීමේදී බලාපොරොත්තුවූ භවිතාකරන්නන්ගේ අවධානය අඩුමට්ටමක පැවතිම හේතුකොට ගෙන මෙම මාර්තු මාසයේදී එයට සංයුත්තව තිබූ Google+ services Hangouts, Photos, හා Streams වැනි අමතර අංගයන් ඉවත්කර දමන්නට එම ආයතනය කටයුතු කරන ලදී. සමහර හදාරන්නන් පෙන්දා දෙමින් තිබුනේ Google ආයතනය තම Google Plus සේවාඅ නවතා දමන්නට බෙහෙවින් ඉඩ තිබෙන බවකි.  නමුත් මේ වන විට Google ආයතනය තම සමාජජාලාව වඩාත් සරල හා පහසු භාවිතාවකට උචිත වෙනස් කම් සමග ප්‍රථිසංස්කරනය කර තිබෙනවා. නව භාවිතාව ප්‍රධාන වශයෙන් “Communities” හා “Collections.” ස්වභාවයට එනම් භාවිතාකරන්නන් අතර ඔවුනගේ ප්‍රියතම topics වලට සංවාදීව එක්වීමට හා ඒවාට අදාල වන photography ආකාරයේ තොරතුරු වැඩි වැඩි යෙන් එකට එක් කරන්නට පොලබවන ආකාරයට බවටයි පැහැදිලි කෙරෙමින් ඇත්තේ. එසේම එම වෙබ් අඩවිය iOS නැතිනම් Android වැනි භාවිතාවන් සදහාද වඩාත් නම්‍ය වන ලෙසට වන දියුනු කිරීම් රාශියක් ගෙනැවිත් ඇති බවායි පෑඑදිලි කෙරෙන්නේ. Google PluS වල මෙම නව සංස්කරනය ඉදිරියේදී ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හරිමින් තිබෙන බවටයි වර්ථා කරන්නේ.