Google Chrome ඔස්සේ Yahoo Mail account වෙතට පිවිසෙන්නට උත්සාහ කල ඇතැමුන් හට තම පරිගණකයේ ස්ථාපිතව ඇති ad-blocker software වන් disable කරන්නට ඉල්ලා සිටින දැන්වීමකට මුහුන දෙන්නට සිදුවිමක් වාර්ථා වෙනවා. එහිදී පැහැදිලි කෙරුනේ Yahoo Mail URL සමග එන “reason=ADBLK_TRAP” පනිවිඬයක් ලෙසට එය දැක්වුනු බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රමයෙන් තම අඩවි වෙතට එන්නන්ගේ පරිගණක වල ස්ථාපනයවී ඇති ad-block මෘදුකාංග නිශ්ක්‍රීය කරන්නට ඉල්ලා සිටින හා බල කෙරෙන අවස්ථා වැඩි වෙමින් ඇති බවකි. වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් අතින් සැලකීමේදී තම අඩවි නඩත්තුව සදහා අවශ්‍ය වන ඉපයීම දක්වා වත් එසේ පවත්වා ගෙන යාමේ අවශ්‍ය තාවය වනවා සේම භාවිතාකරන්නන් අතින් සැලකීමේදී ආක්‍රමනික ලෙසට හැසිරේන දැන්වීම් රටා ඔස්සේ බෙහෙවින් අවහසුතාවයට පත්වීම් පෙන්වා දෙනවා. පසුගිය සැප්තැම්බරයේ You tube වෙතින්ද මෙවැනි අවස්ථාවක් පැමිනුන අතර එහිදී පරිගණකයේ  ad-blocker මෘදුකාංගායක් ස්ථාපිතව තිබෙනුනේ නම් පුර්න දැන්වීමම නරබන්නට සිදුවන අවස්ථාවක් පැමිනුන අතර පසුව එය bug  එකක් ලෙසට හඳුන අගෙන නිවැරදි කරනු ලැබුවා. යාහු මේල් සිදුවීම පිලිබදව අදහස් දක් වන හදාරන්නන් පෙන්වා දෙන්නේ e Mail ගිනුමක් වැනි පෞද්ගලික අවකාශයක් තුලට සේවා සපයන ආයතනයකින් බදාවක් පැමිනීම එතරම් සුබදායී ලෙසට  සැලකිය නො හැකි බවයි. කෙසේ ව්වීතත් යාහු වෙතින් නිවේදය වූවේ මෙම තත්වය අත්හදා බැලීමක් පමනක්  වන බවයි.