Meta වල නවතම නිකුතුවක් වන Threads යනු Twitter සදහා සාර්ථක විකල්පයක් වෙමින් ඇති බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. CEO Mark Zuckerberg පවසන්නේ බලාපොරොත්තු වූවාට වඩා ඉදිරියෙන් තම සේවාව සිටින බවත් මේවන විට භාවිතාකරන්නන් සංක්‍යාව 70 million ඉක්මවමින් සිටින බවත්ය. මේ වෙතට sign up වීම සදහා භාවිතාකරන්නෙකුට තම Instagram account info භාවිතාකරන්නට හැකිවීමමහත් පහසුවක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් සිටින අතර Threads සදහා නව පහසුකම් රාශියක් ඉක්මනින් පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වෙමින් ඇත්තේ. දැනටමත් editing Threads, improving search, වැනි හැකියාවල් ගැන ඉගි පලවෙමින් ඇති අතර direct message නැතිනම් DM අංගය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙමින් තිබෙනවා. එසේම මෙම භාවිතාකරන්නන් හට අනෙකුත් social messaging services වලට DM හැකියාවක් එන බවටද ඉගි පලවෙමින් තිබෙනවා.Twitter දැනටමත් තම අංගයන් නෛතික නොවන ලෙසට ලබාගනිමින් සිටින බවට චෝදනාද යොමු කරමින් සිටින බවයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa