Windows 10 ක්‍රමයෙන් සමු ගන්නට සූදානම් වන මෙහෙයුම් පද්ධතියකි. Windows 11 එලබෙමින් ඇති Microsoft මෙහෙයුම් පද්ධතියයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ තවමත් windows 11 භාවිතාව 25% – 30% අතර වන විට Windows 10 භාවිතාව 67% ක තරම් ඉහල අගයක වන බවයි. ව්‍යාපාරික ආයතනයන් සදහාද තම Windows 11 වෙතට පැමිනීම කෙරෙහි වැඩි අවධානයක් 2024 තුලදී සිදුවන බවට බලාපොරොත්තු වුවද පවතින ආර්ථික අවනිශ්චිත තාවය ප්‍රධාන හේතුවක් වෙමින් ඔවුන් පමා කරන්නට මුලික වන හේතුවක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. Microsoft වල Q3 වලට සහභාගී වෙමින් Satya Nadella පවසා තිබුනේ Fortune 500 companies වලින් 90%ක් දැනටමත් windows 11 වෙතට පැමිනීම ආරම්භ කර තිබුනද කුඩා පරිමානයේ ආයතනයන් නම් ඒ සදහා තවමත් කල් ගනිමින් සිටින බවයි. වැඩි දුරටත් හදරන්නන් පවසන්නේ Windows 11 වල මෙම පසු බෑම MacOS වලට මෙන්ම ChromeOS වලට නම් ධනාත්මකව බලපානු ඇති බවයි.
Pubudu Siriwansa