Internet Explorer 11 භාවිතාකරන්නන් වෙතට අනතුරු ඇගවීමක් කරමින් හදාරන්නන් පවසන්නේ නව zero-day vulnerabilityයක හඳුනාගෙන ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම දුර්වලතවය ඔස්සේ පහර දෙනෙකුට පහසුවෙන් malicious content බ්‍රවුසරය වෙතට inject කීරීමේ හැකියාව ඇති බවයි. ඒසේම භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගන්නට, online movements හදාරන්නට ඒ ඔස්සේ හැකිවන බවයි. පලමු කොට භාවිතාකරන්නෙකු malicious website වෙතට කැදවා ගැනීම සිදුවන අතර ඒ සදහා විසදුමක ලෙසට SmartScreen සංක්‍රියව තබා ගැනීම ඔස්සේ ‍රැකවරනය ලබා ගන්නට හැකි වනු ඇති බවයි පැහැදිලි කෙරෙන්නේ. Microsoft සමාගම ප්‍රථිචාර දක්වමින් පවසා සිටින්නේ තමන් දුර්වලතාව හඳුනාගෙන ඇතිබවත් පිලිසකරයක් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.