ගෙවී ගිය වසරේ බලාපොරොත්තුවූ පැමිනීම් අතර Apple Watch සදහා වූවේ ප්‍රධාන බලාපොරොත්තුවකි. එම වසරේදී මෙහි නිවේදනය වීම සිදුවූ අතර මේ ව්න විට Apple ආයතනයේ CEO වරයා එලබෙන අප්‍රේල් වලදී Apple Watch වල වෙළඳ නිකුතුව සිදුවන්නට නියමිත බවට ප්‍රකාශ කර තිබේ. මේ වන විටත් UK වල විශ්වවිද්‍යාල කිහිපයකම exam halls වල watches භාවිතාව තහනම් වෙමින් ඇති බවටයි වාර්ථා කරන්නේ. එම වාර්ථා පැහැදිලි කරන්නේ දැනටමත් smart watches කිහිපයක්ම පැමින ඇතිවා සේම පැමිනෙන Apple Watch සමග බලාපොරොත්තු ඇතිවන අවධානයේ ප්‍රබෝධයත් සමග බහුල භාවිතව මෙම තහනමට වැඩි හේතුවක් වෙමින් ඇති බවකි. සිසුවෙකු විසින් මෙම උපාංගය ඔස්සේ text messages, internet භාවිතාව, notes තබා ගැනීම calculations කිරීමේ හැකියාව වැනි සැබවින්ම ඔහු කරන්නේ කාලය විමසීමද නැතිනම් මෙම ක්‍රියාකාරකමක් දැයි හඳුනා ගැනීම අපහසුවීම සලකා මෙම තීර්නයට පැමින ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. තවත් දෙසකින් යමෙක් භාවිතාකරමින් සිටින්නේ smart Watch එකක් හෝ සාමාන්‍ය එකක් දැයි හඳුනා ගැනීමේ අපහසුව මෙසේ සමස්ථයක් ලෙසට එම තහනම පැමිනෙන්නට හේතුවක් විය හැකි බවටත් හේතු දැක්වෙනවා.