හදාරන්නන් අතුලු පලවන ගනන වාර්ථා හෙලි කරන්නේ Windows 10 වෙතට පැමිනෙන ප්‍රතිශතය වඩාත් සාර්ථක බවකි. විසි වසරක භාවිතාකරන්නන්ගේ පුරුද්දක් වෙතින් ඉදිරියට චලනය කරවන්නට Microsoft ආයතනය බලාපොරොත්තුවූ තරම් සරලව කර නොහැකි වූ බව මෙයට ප්‍රධාන හේතුව ලෙසට ඔවුන් ගෙන හැර දක්වන්නට පෙලබෙනවා. Start Screen වෙතට පැමිනීම භාවිතාකරන්නන් වෙතින් ප්‍රථික්ශේපවීම දෙයාකාරකින් සිදුවුනා විය හැකියි. එක් අතකින් පරිගණකයේ ප්‍රධාන භාවිතාවක් එක්වරම අතුරුදහන් කර දැමීම හා තමන්ගේ හුරුපුරුදු භාවිතාවේ සිට නව භාවිතාවකට ඔවුන්ව ‍රැගෙන යන්නට Microsoft ආයතනය අසමත්වීම ඒවා විය හැකියි. ගැටලුව කෙමෙන් Windows 10 සමග විසදෙමින් ඇති බව මේ වන විට හැගෙමින් පවතින අතර සාමාන්‍ය භාවිතාවෙදී නැවත පැමිනි නව Start Menuවම එයට ප්‍රධාන හේතුවක් ලෙසටයි කැපී පෙනෙමින් ඇත්තේ. මෙම ක්‍රියාවලිය විස්ටා වෙතින් වින්ඩොස් 7 වෙතට සංක්‍රමනයේදීද සිදුවීමේ නැවත නිරූපනයක් ලෙසට දක්වන්නටද එම විචාරකයින් කැමතිවනු දකින්නට පුලුවන්.