Snapdragon 810 Application Processor (AP) නිකුතුව මහත් අවධානයක් මෙන්ම බලාපොරොත්තුවක් ගෙන ආ නිකුතුවක් වූ මුත් පසුව හෙලිවූ overheating හා slowdown ගැටලු සමග 2015 මුල්භාගයේ එය උපාංග වල සංයුත්තවීම කල්ගතවන බවට තොරතුරු පලවිනි. මේ වන විට පැමිනෙන නවතම තොරතුරු හෙලි කරන්නේ එහි වූ එම ගැටලු විසදී ඇති බවත් එම processor ය වෙළඳපොලට වෙතට නිකුත්වීම එලබෙන මාසයේ අරබන්නට කටයුතු සූදානම් වෙමින් ඇති බවකි. ඒ අනූව ඉදිරියේදී පැමිනෙන flagship devices සමග මෙම ප්‍රොසෙසරය පැමිනීම සිදුවනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇත. දැනටමත් LG G4, unannounced HTC One M9 වැනි උපාංග සදහා මෙම ප්‍රොසෙසරයේ සංයුත්තවීම නිවේදය වී ඇත.