iPhone 14 මෙන්ම iOS 16 බොහෝ දෙනෙකුගේ අවධානයේ පවතින්නකි. දැනට කියවෙන කරුණු අතර iOS 16 සමග always-on display හැකියාව එනම් time මෙන්ම notifications වැනි තොරතුරු නිරන්තරයෙන් display වීම තුල භාවිතාකරන්නා හට tapping නැතිනම් unlocking වැනි ක්‍රියාකාරකමකින් තොරව ඒවා වෙතට යන්නට හැකි වන අතර එය මහත් පහසුවක් මෙන්ම බල පිරිමැස්මක් වනු ඇත. බලාපොරොත්තුව වන්නේ always-on display හැකියාව දැනට භාවිතවන මට්ටමින් ඔබ්බට ගොස් Messages නැතිනම් Health වැනි apps සමග කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටින බවයි. එනම් lock screen එක “widget-like capabilities” වලින් සමන්විත වන්නට ඉඩ ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. පැමිනෙන iPhone 14 Pro හා Pro Max සමගවත් satellite networks හරහා emergency text messages සදහා දියුනුකිරීම් ගෙනෙන්නට අනාවැකි පල වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa