Microsoft Edge Canary Channel ඔස්සේ Edge browser යේ නවාංග අත්හදා බලන්නට අවස්ථාව වේ. පසුගියදා කියවුනේ “Secure Network” ඔස්සේ VPN හැකියාවක් පැමිනෙන්නට නියමිත බවත්ය. Microsoft පවසන්නේ Edge browser වලට පැමිනෙන නවතම හැකියාවක් ඔස්සේ files නැතිනම් ගොණු store කරන්නට මෙන්ම share කරන්නට හැකි වනු ඇති බවයි. “Drop ලෙසට නම් වන මෙම අංගය තුලදී cross-platform space එකක් සමග භාවිතාකරන්නන්ට content හුවමාරු කරගන්නට මෙන්ම note එකක් කර message box වලට දැමූ විට එය syncedවී අනෙකුත් Edge භාවිතාවන computers හා mobile devices ඔස්සේ ලබන්නට හැකිවනු ඇත. ආයතනය පැහැදිලිකරන්නේ Telegram වලට සමාන ආකාරයට මෙම හැකියාව වන අතර OneDrive වල ඉඩ කඩ සමග ක්‍රියාත්මක වන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනට මෙම Drop හැකියාව Microsoft Edge Canary 104 සමග අත්හදා බල්ලනට හැකිවනු ඇති බව කියවෙනවා.
Pubudu Siriwansa