Twitter Circle මෑතකදී හඳුන්වාදුන් නව අංගයකි. Twitter මෙය හඳුන්වා දෙමින් පවසා සිටියේ ඔබගේ tweets බෙද හදා ගැනීමේදී නිශ්චිත භාවිතාකරන්නන් පිරිසක් තොරා ගන්නට ඉඩ ලැබෙන අංගයක් ලෙසටයි. ක්‍රමයෙන් මුදා හරිමින් සිටින මෙම අංගය සදහා දැනටමත් තොරාගෙන ඇත්නම් Twitter විවෘත කරන මොහොතේදී pop-up එකක් ලෙසට එම බව ඔබට කියන්නට නියමිත අතර එසේ නොවන්නේ නම් Open Twitter > Tweet button > profile picture > ‘Everyone’ option ඔස්සේ මෙම හැකියාව සක්‍රියකරගන්නට හැකි වනු ඇත. tweet එකක් ‘Twitter Circle’ තුල share කරන්නට අවශ්‍ය විටකදී ‘Edit’ ඔස්සේ ගොස් ‘Recommended’ තුලට අවශ්‍ය පිරිස් තොරා දෙන්නට හැකි වනු ඇත. දැනට Twitter Circle වෙතට 150 people එක්කරන්නට හැකියාව ඇත.
Pubudu Siriwansa