ලොවපුරා Facebook භාවිතාව ඉතා ඉහල මට්ටමක පවතින්නකි. සාමාන්‍ය මට්ටමේ සිට දිදුලන මට්ටම දක්වාම පුද්ගලයින් මෙන්ම ආයතනයන් තමන්ගේ අනන්‍යතාවය මෙහි තබා නඩත්තුකිරීම වැදගත් අංගයක් කොට සලකන්නේ ලොව ප්‍රධාන පෙලේ මාධ්‍ය භාවිතාවන් හා හරි හරියටමෙන් Facebook තුලින්ද ලද හැකි ප්‍රයෝජන ඉහල නිසාය. ඒ අතරම වැදගත් කාරනයක් වන්නේ ඔබගේ මේ කවරාඅකාරයේ උවත් ගිණුමක් ආරක්ෂිතව පවත්වාගෙන යාමය. ලොව බහුලතම හානිකර ප්‍රමානයක්ද නෙක ආකාරවලට Facebook ගිණුම් වෙතට අනවසර එබී බැලීම් වල සිට ඒවා අවුල් කර දැකීම දක්වා නෙක උත්සාහයන් නිරන්තරයෙන් දියත් කරමින් සිටින නිසා වෙනි. ඔබේ ගිනුමේ හඳිස්සි වෙනස්කම් , නුහුරු වෙනස්කම් සිදුවෙමින් ඇති බවට ඉගියක් දැනුනිනම් ගත හැකි එක් පියවරක් වන්නේ එහි වන login location feature එක හරහා ඔබගේ account එක accessed වී ඇති ස්ථානයන් පිරිස්සුම මගින් ඔබගේ ගිනුම භාවිතාවන home, work වැනි ස්ථාවල සිට ඔබ ආයගිය ස්ථාන දක්වා විමසා බලා බලා අගන්තුක ස්ථාන යක් එහි දැක්වෙන්නේ නම් ඒ ගැන කල්පනාකාරී වීමය. ඒ සදහා ඔබ smartphone> Facebook app > settings menu > Settings & Privacy > Settings > Password and security > See all> මේ ඔස්සේ ඕබට ඔබගේ account එක සදහා ලොග් වීමට භාවිතාවූ සියළුම devices මෙන්ම rough location පිලිබඳව වැටහීමක් ගන්නට හැකිවනු ඇත. යම් අනතුරක් පිලිබඳව හැගීමක් එන්නේ නම් හොඳම පියවරක් වන්නේ Log out of all sessions ඔස්සේ සියළුම දැනට ගිනුම වෙතට logged වීම අවසන් කිරිමයි. මෙයට පෙර ඔබගේ Facebook ගිණුම සදහා භාවිතාවන Email මෙන්ම Password එක සූදානම් කර ගැනීම වැදගත් වේ.අනතුරුව change your password ඔස්සේ නව අවසර පදයක් නිර්මාණය කර ගැනීම වැදගත් වේ. එසේම password and security ඔස්සේ අවධිකරවා ගත හැකි unrecognised devices සදහා වන login alerts පහසුව සංක්‍රියකර තැබීමද වැදගත් විය හැක.
Pubudu Siriwansa