Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතිවල මීලග ප්‍රධාන සංස්කරනය සදහා කඩිනමින් සූදානම් වන කාලපරාසයක් පසුකරමින් සිටී. මේ වන විට එහි පෙර සංස්කරන පෙලක් කඩිනම් සැලසුමක් යටතේ නිකුත් කරමින් සිටින අතර පැමිනි ආසන්නතම සංස්කරනය Windows 10 build 10049 සංස්කරනය ලෙසට නම් කර තිබිනි. බොහෝ දෙනා අතර මහත් අවධානයක් දිනා ගන්නට සමත්වූ නව බ්‍රවුසර සංස්කරනයේ සංයුත්ත වීමක්ද මෙම සංස්කරනය සමග වීම වැදගත්ම අංගයක් ලෙසට ගැනේ. සංකේතාත්මකව Project Spartan ලෙසට දැනට නම්ව ඇති මෙම නව බ්‍රවුසරය IE සමග අත්දකිමින් තිබූ බොහෝ ගැටලු ඉක්මවා යමින් වේගවත් මෙන්ම නම්‍ය භාවිතාවක් සහතික කරන බවටයි දැනට නිවේදනය වී ඇත්තේ. මේ හි වන තවත් ආකර්ශනීය අංගයක් වන්නේ Windows 10 සමග පැමිනෙන ඩිගිටල් සහකරුවා වන Cortana මෙම නව බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වන ආකාරය අත්දැක බලන්නටද අවස්ථාවක් වීමය. තවමත් ප්‍රාථමික මට්ටමේ වන මේවායේ අවසාන පැමිනීම් නුදුරේදී වන්නට නියමිත Windows 10 නිකුතුවත් සමග අත්දකින්නට හැකි වනු ඇත.