මීට වසර 40 කට පෙර වූ April 4th දාක Microsoft ආයතනය Paul Allen හා Bill Gates එක්ව ඇරබූ බවටයි ඉතිහාසයේ සටහන් වන්නේ. එදා “Micro-Soft” නමින් හැඳින්වූ මෙම ආයතනය සරලව පැහැදිලි කරන්නේ microprocessor හා software එකතුවකින් ක්‍රියාත්මක වන Allen ගේ සොයා ගැනීමක් ‍රැගෙන ආ ආයතනයක් ලෙසටය. එම ආයතනය අද වාර්ෂිකව $80 billion ආදායමක් උපදවන ලොව Pc භාවිතාවේ 80%ක් හසුරවන ආයතනය ලෙසට පිලි ගැනේ. එමෙන්ම නිර්මාතෲ වරුන් වු Paul Allen හා Bill Gates ලොව ධනවත්ම පුදගලයන් බවට පත්කර දෙන්නට මෙම ආරම්භය සමත්විය. මෙම සැමරුම මතක් කරමින් ආයතනයේ සියලුම සේවකයින් වෙතට E-mailයක් නිකුත් කරන බිල් ගේට් මහතා බොහෝ අයවලුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් සමග වුවත් සැම නිවසකම මේසයක් මතට පරිගණකයක් පැමිනිමේ ඉලක්කයක් සමග ඇරබි ආයතනය අදවන විට සාර්ථකව තම ඉලක්ක සපුරා ගෙන ඇති බවත් එලබෙමින් ඇති multi-platform අනාගතය සදහාද මනාව සූදානම් වෙමින් ඇති බවට තමන් විස්වාස කරන බවටත් පැහැදිලි කර සිටිනවා.