Windows 10 වලින් පසුව? යන්න පරිගණක ලෝලයන් අතර මීලගට පැමිනෙන විමසුමයි. හුදු මෘදුකාංග නිකුතුවකින් පමනක් නොනවතින සංකීර්න ක්‍රියාවලියක් එම ආයතනයන් විසින් ආවරනය කරමින් සිටින අතරම තම මෘදුකාංග වෙතට භවිතාකරන්නන්ගේ අවධානය නිරන්තරයෙන් දල්වා තබා ගන්නට නම් කලින් කලට යාවත්කාලීන ගෙන එන්නටද එම ආයතන වලට සිදුවේ. Microsoft සමාගමෙන් නොනිලව පැමිනෙන තොරතුරු හෙලි කරන්නේ 2016ට නියමිත ප්‍රධාන යාවත්කාලීන දෙකක් Redstone සංකේථ නාමයෙන් මේ වන විටත් ආයතනය තුල සංවර්ධනය වෙමින් පවතින බවකි. එම තොරතුරු පැහැදිලි කරන්නේ Windows 10 සදහා සැලසුම්ව තිබූ සමහර අංගයන් කාර්ය බහුලත්වයත් සමග නුදුරට නියමිත නිකුතුවේදී සංයුත්ත නොවන්නට සැලසුම් වෙමින් ඇති අතර පෙරකී යාවත්කාලීනයන් ඔස්සේ ඒවා පැමිනීම සිදුවනු ඇති බවටයි. දැනට පැමිනෙන ඇති Windows 10 අවසන් සංස්කරනය ඔස්සේ Spartan නව බ්‍රවුසරයේ පෙර සංස්කරනයක් පැමින ඇති අතර ඉදිරි සංස්කරන වලදි වඩාත් නිවැරදි ක්‍රියාකාරීත්වයක් සමග මෙම බ්‍රවුසරය අත්විදින්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ