battery life හා safety පිලිබදව ගැටලුව දත්ත උපාංග භාවිතාකරන්නන අතර වඩාත්ම අවධානය ලබ ගත් ගැටලුවක් වන්නේය. Stanford University වල හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ තමන් aluminium මූලික බැටරියක් මේ වන විට නිර්මාණය කර ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම aluminum හා graphite මූලික බැටරිය වඩාත් වේගවත් බල රෝපනයකට මෙන්ම ආරක්ශිත භාවිතාවකට හොඳින්ම සූදානම් බවකි. Lithium මූලික බැටරියක් සමග පැමිනෙන exploding හා overheating බව මෙහිදී අවම වන බවටයි පැහැදිලි කරන්නේ. මිනිත්තුවක් වැනි කාලයක් තුලදී recharge හැකියාව මෙන්ම ඉතා වැඩි recharge cycles හැකියාව “ජීවිතකාලයටම එක බැටරියක්” මට්ටමට වන බවටයි ඔවුන් බලාපොරොත්තු පල කරන්නේ. කෙසේ වෙතත් තවමත් aluminium-based batteryය සමග වන දුර්වලතා අතර එහි out-put හැකියාව ලිතියම් බැටරියක් සමග සැසදීමේදී භාගයක්ව තිබීම ඉදිරි දියුනු කිරීම් සමග විසදෙනු ඇති බවටයි සැලකෙන්නේ.