ලොව පුරා මහත් භාවිතයක් ලබන වෙබ් සේවා අතර Skype වෙතට ඇත්තේ ඉහලම පිලිගැනිමකි. දුර බැහැරක වෙසෙන හිතවතෙකු සමග සංවාදයේ යෙදෙන්නට මෙන්ම ව්‍යාපාරික මට්ටමේ අදහස් හුවමාරුවක දක්වා වන ඔනෑම සංවාදයකට Skye භාවිතාව කදිම විසදුමක් ලෙසට මේ වන විට පිලිගැනේ. භාවිතය සදහා ස්ථාපනය කර ගන්නවා වෙනුවට web version නැතිනම් ‘Skype for Web’ ලෙසට නම් වන බ්‍රවුසරය සමග විවෘතවන පෙර මෙන් ස්ථාපනයට අවශ්‍ය නොවන Skype වල නව සංස්කරනයක බීටාවක් මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් සිමිත පිරිසක් වෙතට නිකුත්ව ඇති බවටයි වාර්ථා වන්නේ. තවමත් මූලික මට්ටමේ chat, video, chat, voice calls වලට පමනක් සීමාවන මෙම සේවාව අනාගතයේදී ස්ථපනයට ඉඩ නොදෙන සැකසුම් ඇති පරිගණක මෙන්ම පොදු පරිගණක භාවිතාකරන්නන් සදහා මහත් පහසුවක් වනු ඇති බවටයි අනාවැකි පලවෙමින් ඇත්තේ.