එලබෙන ජනවාරි 21ක දිනට “next chapter for the OS” ලෙසින් නම් කර ඇති Windows 10 මාධ්‍ය හමුවක් මේ වන විට නිවේදනය වී ඇති අතර එහිදී consumer features එන්ම් Cortana නැතිනම් UI වැනි බොහෝ දේ පිලිබදව කථා බස් කෙරෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මේ අතර Microsoft ආයතනය Windows 7, 8.1 භාවිතා කරන්නන් සදහා Windows 10 TP වලට සූදානම් කරවන මෘදු ටූලයක් මේ වන විට නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ.”Prepare your PC to get Windows Technical Preview” ලෙසට විස්තර කරමින් නිකුත්වන මෙම ටූලය පිලිබදව වැඩි දුර තොරතුරු තවමත් පැමින නැතැත් එලබෙන ජනවාරියේ පැමිනෙනු ඇති බවට බලපොරොත්තු වන Windows 10 පෙර සංස්කරනය Windows Update ඔස්සේ ලබා ගන්නට අවශ්‍ය කරන පරිසරය පරිගනකය තුල නිර්මානය කිරීම සදහා මෙම නිකුතුව සිදුව ඇති බවටයි හැගෙමින් ඇත්තේ. Satya Nadella, Terry Myerson, Joe Belfiore, Phil Spencer ඇතුලු Microsoft ප්‍රධන පෙලේ පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වීමට නියමිත බවට දැනට තොරතුරු පලව ඇති අතර එදිනට Windows 10 ඇතුලු Microsoft ඉදිරි පැමිනීම් කිහිපයක් පිලිබදව කථා බස් කෙරෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. පෙර කි ටූලය ලබා ගන්නට ඇතුලු වැඩි දුර විස්තර සදහා පහද දැක්වෙන සබැදියාව ඔස්සේ Microsoft හි එම අඩවියට ඔබටත් පිවිසෙන්නට හැකි වනු ඇත.

http://windows.microsoft.com/en-us/windows/preview-iso-update