කලකට ඉහතදී හදාරන්නන් යෝජනා කරමින් සිටියේ Microsoft ආයතනය bing සෙයුම් යන්ත්‍රය අලවිකර දමන්නට නියමිත අංගයක් වෙමින් ඇති බවක්ය. මේ වන විට පැහැදිලි වෙමින් ඇත්තේ එම ආයතනය Bing සෙයුම් යන්ත්‍රය වෙනම අංගයක් ලෙසට ඉදිරියට ගෙනයනවා වෙනුවට ඔවුනගේ අනෙකුත් සේවාවන් ශක්තිමත් කරන්නට එය යොදා ගනිමින් සිටින බවකි. ඔවුන් “Cortana” ඔස්සේ Bing වල හැකියාව නැවත ගෙනෙන්න්ට කටයුතු කරනවා සේම Windows 10 වලදී සමස්ථ මෙහෙයුම් පද්ධතිය පුරාවටම Bing හැකියාව විසුරවා ලන්නට කටයුතු කොට තිබේ. Office Online ඔස්සේ ද Bing හැකියාව නැවත අවශ්‍ය විටකදී වඩාත් විදිමත්ව සහයට පැමිනීමේ හැකියාව දැනටමත් නිවේදනය වී තිබේ. හදාරන්නන් Bing හැකියාව Microsoft වෙතට වන ස්වභාවය පැහැදිලි කරන්නේ “Bing is Microsoft’s connection to the outside world” ලෙසට වීමෙන් මෙම තත්වය වඩාත් පැහැදිලි කරගන්නට හැකි වනු ඇත. “එය හුදෙක් වෙනම අංගයක් වනවාට වඩා අයතනයේ අනෙකුත් සේවාවන් වඩාත් උත්කර්ෂවත් කරවන අංගයක් ලෙසට සහයට පැමිනෙමින් ඇති බවක් දක්නට ලැබෙනවා” විචාරකයින් පවසනු දක්නට ලැබෙනවා.