Sony සයිබර් ප්‍රහර ගැටලුව පිලිබදව වූ ඇමරිකානු ප්‍රථිචාරය ඒතරම්ම සරල නොවිනි. ඔවුන් පවසා සිටියේ Sony ප්‍රහාරය ජාතික මට්ටමින් සැලකෙන කරුනක ලෙසට තමන් සලකන බවකි. මේ අතර තුර වාර්ථාවන්නේ North Koreaව අන්තර්ජාලය බිඳවැටීමකට පැය කිහිපයක් මුහුන දුන් බවකි. Dyn ආයතනය එම තත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ තවමත් පැහැදිලි නැති හේතුවක් නිසා සිදුවූ මෙම බිඳ වැටීම රවුටරයන්ගෙන් වූ technological glitch එකක ලෙසට තමන් සැක කරන බවක්ය. බිඳ වැ‍ටුනු එම Links පැය කිහිපයකින් restored කරන්නට සමත්වූ බවටයි එම වාර්ථා පැහැදිලි කර තිබුනේ. කෙසේ වෙතත් ඇමරිකානු නිලධාරීන් කිහිප පොලක්ම පවසා තිබුනේ තම රට North Korea වට එරෙහිව cyber action එකක නොගන්නා බවකි.
මෙම Sony ගැටලුව ඇරබුනේ “Guardians of Peace” නම් කන්ඩායමක් Sony ආයතනයට එරෙහිව කල සයිබර් පහරදීමක් හා එහිදී සොරාගත් තොරතුරු රාශියක් අන්තර්ජාලය වෙතට මුදා හරින්නට කටයුතු කිරීමත් අතරය. ඒවා අතර ඉදිරියේ පැමිනෙන්නට නියමිත සිනමා පට කිහිපයක් මෙන්ම එහි සේවකයින් ගේ තොරතුරුද වන ලදී. එම ප්‍රහාරක කන්ඩායම පවසා තිබුනේ The Interview නම් පැමිනෙන්නට නියමිත සිනමා පටය නිකුතුව වලක්වන ලෙසට වන අතර එම සිනමා පටය North Korean රටේ ප්‍රධානියෙකු වටා ගෙතුනු එකක ලෙසට තොරතුරු හෙලිව තිබෙන ලදී.