Windows10 සමග පැමිනි Windows Defender ආරක්ශක මෘදුකාංගය සාර්ථක භාවිතාවක් ලෙසට සැලකෙමින් තිබෙනවා. නිවැරදි යාවත්කාලීන මට්ටමින් Windows10 පවත්වා ගෙන යාමේදී මෙතෙක් හමුවූ සර්ථකම මෙහෙයුම් පද්ධති භාවිතාවක් ලැබෙන බව බොහෝ භාවිතාකරන්නන්ගේ මතය වෙමින් තිබෙනවා. තාක්ෂනිකව සැලකීමේදී ආරක්ෂක මෘදුකාංගයක් හා මෙහෙයුම් පද්ධති අතර වන සමහර නොගැලපීම් හා බාහිර ආරක්ෂක මෘදුකාංග සමාගම් අතර වන තරගය ඔස්සේ මෙහෙයුම් පද්ධතිවලට සිදුවිය හැකි අගතීන් මෙම නව දියුනු කිරීම් සමග පැමිනෙන ආරක්ෂක මෘදුකාංගය සමන්විත windows10 වෙතින් ලැබෙමින් ඇති බවටයි ඔවුන් පවසන්නේ.
නිකුත්වන නවතම තොරතුරු වලට අනූව Windows Defender browser extension එකක් Google Chrome වෙතට නිකුත්කරන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථාවන්නේ. Chrome Web Store වෙතින් ලබා ගන්නට හැකි මෙම නව නිකුතුව සමග භාවිතාකරන්නන් හට බ්‍රවුසරයක් හරහා ලැබෙන්නට ඉඩ ඇති බොහෝ හානිකර අවස්ථා මග හැරෙන බවට නිවේදනය වන අතර ඔවුන් පැහැදිලි කරන්නේ දැනට හානිකර පතුරන හා අවිස්වාශනීය URL වල දත්ත ගබඩා හා සසදමින් නිතරම භාවිතාකරන්නා හර සුරක්ෂිත බවක් ලබා දෙන්නට කටයුතු කරන අතර malicious programs ස්ථාපනය වැලකීම, phishing වැනි අවස්ථා වැලකීම ඇතුලු බොහෝ ආරක්ෂිත බවක් මෙම නව නිකුතුව ඔස්සේ ලැබෙනු ඇති බවයි.
https://chrome.google.com/webstore/detail/windows-defender-browser/bkbeeeffjjeopflfhgeknacdieedcoml
– Pubudu Siriwansa