ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව ලැබෙන මෙම පහසුකම් සමග එම සර්වරයන් මත වන තොරතුරු භාහිරට නිරාවරනය වීම පිලිබඳව කනස්සල්ල පලවෙමින් ඇත. කෙසේ වෙතත් windows 10 සමග පැමිනෙන ආරක්ශාව මෙන්ම සුනම්‍ය ක්‍රියාකාරීත්වයනම් ඉහලින්ම තහවුරුව ඇත්තකි. සමස්තය සරලව පවසන්නේ නම් xp වලට පසුව වඩාත් ස්ථාවර භාවිතාවක් windows 10 ලබා දෙමින් සිටී.
windows 10 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති දෙසට වන ප්‍රායෝගික ක්‍රමවේදය තීරනාත්මකව වෙනස් කර ඇත. නිරන්තරයෙන් දියුනු කිරීම් මෙන්ම වැඩි වැඩියෙන් වන අත්හදා බැලීම් වලින් එය නිරන්තරයෙන් පෝෂණය කරමින් සිටී. ඉදිරියට නියමිත windows 10 යාවත්කාලීනය තවමත් නොනිල ලෙසට ‘Spring Creators Update’ නම් දරමින් එලබෙන මසයට නියමිතව ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන අංගයන් ලෙසට Edge නව බ්‍රවුසරය සමග මෙන්ම Timeline නව අංගය සමග windows 10 භාවිතාවන උපකරන අතර පහසුවෙන් එහි භාවිත අතීතය වෙතට පිවිසීමේ හැකියාව සැලකේ. එනම් Edge බ්‍රවුසරය සමග Windows 10, iOS හා Android වැනි ඔනෑම වාතාවරනයකදී කරන කියන දෑ ටයිම් ලයිනය තුලදී නැවත පිවිසෙන්නට හැකියාත් මෙන්ම windows 10 පරිසරයකදී භාවිතාකල app සමග නැවත පිවිසීමටද හැකිවනු ඇත.
Fluent Design හැකියාව වඩාත් භාවිතා වෙමින් සුමට හා විනිවිද පෙනුමකට නව ප්‍රධාන යාවත්කාලීනය කටයුතු කරමින් සිටින අතර පැමිනෙන්නට නියමිත e-SIMs සහ Always Connected PCs සංකල්ප සමග Messaging app – Acrylic- වල දියුනු කිරීම් පැමිනෙනු ඇත. එසේම Action Center වලට නව නිවහන ලෙසට සම්බන්ද වන Cortana සමග වඩ වඩාත් භාවිතාකරන්නාට සමීප තොරතුරු එනම් ඉදිරියට නියමිත සැලසුම් ආදිය සමග කටයුතු කරන්නට සහය වන්නට සහය වනු ඇත.
– Pubudu Siriwansa