සමජජාලා අවකාශය සංකීර්නතා රාශියක් සමාජය මත නිර්මාණය කරන්නට සමත්ව ඇත. සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයක වන ගොනැගීම් මාදිලිය මාධ්‍යයයක් ලෙසට එය ආක්‍රමනය කර ඇත්තේ කිසිදු සමවක් නොතබා සේය. සරලව සැලකීමේදී තම පවුල් හා සමීප සමාජ ව්‍යුහයේ නිරන්තර ‍රැකවරනය පුරුදු නව යොවුන් දියනිය විටක සමස්ථ සමාජය මතටම අසීමිතව විවර කරන්නට එය සමත්ව ඇත. සැබෑව නම් ලමා තරුන වැඩිමහලු ඔනෑම කෙනෙක් සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයේ අතරමං කරවන්නට තරම් එයට ශක්‍යතාවයක් මුල් ස්වභාවයෙන් ලැබී ඇතුවා සේය. එක් දිසාවකින් පුපුරවමින් සිටින සාම්ප්‍රධායික සමාජ ව්‍යුහයත්, තවත් දෙසකින් වඩ වඩාත් බලත්මක වන ප්‍රාග්ධන ක්‍රියාවලියේ විසිතුරු බවත් සමස්ථ පෘතුවි සමාජයම අන්ද මන්ද කර ඇතුවා සේය. විටක එය නව ලෝක රටාවක් ලෙසට “විශ්ව ගම්මානය” තුලට අපව වඩ වඩාත් සිරකරන ගමන්ම, තව දිසාවකින් පුද්ගල අවකශය තුල ඔවුන් තව තවත් අතරමං කරවමින් සිටී. “ඔබ” ඔබම නොවන බව පවසන්නට පමනක් නොව “ඔබ” නොවන ඔබ නිර්මාණය කරන්නට දැනටමත් කටයුතු ආරම්භව ඇත. සරලව පවසන්නේ නම් ඔබ නොදන්නා ඔබේ ආශා පද්ධතිය නිර්මාණය කරන ඔවුන් සැබෑ ඔබව මුන ගස්වන වගකීම භාර ගැනීම වැඩි ඈතක නොවුනු ඇත. – Pubudu Siriwansa