Microsoft වෙතින් Windows 11 සදහා optional Cumulative Update එකක් 22000.708 ලෙසට නම්ව නිකුත්ව තිබෙනවා. පසුගිය සතියේ Windows Insiders භාවිතාකරන්නන් වෙතට පැමිනි update එකම වන අතර එය improvements හා fixes කිහිපයකින්ම සමන්විතව පැමින ඇත. ඒවා අතර Family Safety verification මෙන්ම Direct3D ඇතුලුව දියුනු කිරීම් රාශියක් වනවා. මෙම optional මට්ටමේ Cumulative Update එක සමග security fixes කිසිවක් නොමැති බවට එම ආයතනය පවසන අතර මෙම සැකසුම් June වල දෙවන සතියට නියමිත non optional Patch Tuesday update වලින් පැමිනෙන්නටද නියමිතව තිබෙනවා. මෙම යාවත්කාලීනය වෙතට Settings > Update & Security > Windows Update ඔස්සේ පිවිස Optional updates available ඔස්සේ ලබා ගන්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa