Email යනු අද වන විට සාමාන්‍ය භාවිතාවකි. ඉතිහාසය පවසන්නේ එක් කලක අන්තර්ජාලය වෙත භාවිතාකරන්නන් කැඳවන්නට තරම් ආකර්ෂනීය භාවිතාවක්ව එය තිබූ බවකි. කෙසේ වෙතත් අද වන විට බොහෝ භාවිතාකරන්නන් එක් Emailලිපිනයක් වෙනුවට කිහිපයක් භාවිතාකිරීම සාමාන්‍ය කරුනකි. හදාරන්නන් පවසන්නේ සමහර විටක මෙම බහුල email භාවිතාව හානිකර ලෙසට බලපාන අවස්ථා රාශියක් බවයි. ඒ අතරින් කැපීපෙනෙන එකක් වන්නේ ඔබට අත්හැරෙන ඊමේල ලිපිනයන් හානිකරන්නන් අතට පත්වීමේදී සාර්ථක හැක්වීමක් සිදුවුනහොත් ඔබේ පෞද්ගලික තොරතුරු ඔවුන් අතට පත්වීමය. විටක ඒ ඊමේල පදනම්ව ඇත්තේ ව්‍යාජ තොරතුරු විය හැක. නමුත් එහිවන එක් සත්‍ය තොරතුරක් හානිකරන්නෙකු අතට පත්වීම ඔබගේ Online ජීවිතය වෙතටම ගැටළුවක් වන්නට සෑහිය හැකි බව අමතක නොකල යුත්තකි. මේ නිසාම ඔබගේ මතකයෙන් ගිලිහෙන නැතිනම් භාවිතයෙන් ගිලිහෙන ඊමේලයන් පිලිබන්දව කල්පනාකාරී වීමත් ඒවා අනවශ්‍ය වන විටදී අදාල වැදගත් ඊමේල් ඇතිනම් ඒවා දැනට සංක්‍රීය ඉමේල් ගිනුමකට මාරුකොට හෝ යම් තැනක තැන්පත් කරගනිමින් අදාල ඊමේල් ගිනුම මකාදැමීම හිතකර වෙනු ඇත.
Pubudu Siriwansa