Android භාවිතාකරන්නන් සදහා යලිත් අනතුරු ඇගවීමක් සිදුවෙමින් තිබෙනවා. හදාරන්නන් පැහැදිල්;ඉ කරන්නේ “ALIEN” නම් spyware ව ඇසුරින් “PREDATOR” නම් malware / virus එකක පැතිරීම සිදුවෙමින් තිබෙන බවයි. මෙම spyware ව Cytrox නම් North Macedonia නු ආයතනයක දී නිපදවා විවිධ කන්ඩායම් කිහිපයකට විකුනා ඇති අතර ඔවුන් තල කිහිපයකදී ලොවපුරා බෙදාහරින්නට කටයුතු කරමින් සිටින බවයි. Google පැහැදිලි කරන්නේ 0-day exploits ආකාරයේ මෙම හානිකරය එහි malware developers විසින් අවස්ථාවක් ලබා ගැනීම සදහා සංක්‍රීයව සිටිමින් patched කරන ලද critical bugs වලින් පවා අවස්ථාව ලබාගන්නට කටයුතු කරන බවකි. මූලිකව emails හරහා එන suspicious links භාවිතයෙන් මෙම හානිකරයේ පැතිරීම සිදුවන අතර සංක්‍රියාවීම හරහා record audio, hide apps ඇතුලු හානිකර කාරනා රාශියක් සිදුවන බවටයි පැහැදිලි කරන්නේ. Google පවසන්නේ දැනටමත් Android සදහා පිලිසකර නිකුත් කර ඇති අතර ලැබෙන email ඔස්සේ වන සබන්දතා අවධි කිරීමෙන් වැලකෙන ලෙසට උපදෙස් දෙමින් සිටිනවා.
Pubudu Siriwansa