Microsoft සමාගම මේ වන විට තම Windows 11 සදහා වන මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව තොරතුරු හෙලි කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ එම සංස්කරනයේ general availability (GA) ට පෙර සිදුවිය යුතු Windows Hardware Compatibility Program (WHCP) සදහා එලබෙන කෙටි කාලයක් තුල එක් කරන්නට සූදානම් බවයි. ඒ අනූව බොහෝ විට Windows 11 version 22H2 සදහා සාමාන්‍ය භාවිතයට නිකුතුව මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබරය වන විට සිදුවන්නට නියමිත බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙහෙයුම් පද්ධතියක් නිකුතුවට පෙර එය ක්‍රියාත්මක වන්නට නියමිත පරිසරයේ දෘඩාංග මට්ටමේ සිට මෘදුකාංග මට්ටම දක්වාම දිගුකාලීන අත්හදා බැලීම් වලට විවෘත කිරීම සාමාන්‍ය සිරිතකි.
Pubudu Siriwansa