windows 10 වෙතට පැමිනියේ තවදුරටත් Windows සංස්කරන නොපැමිනෙන බවටද ඉගියක් සමගිනි. නමුත් මේ වන විට Windows 11 නිවේදනය කර හමාරය. ඒ අතර Microsoft ආයතනය දෙසින් සංවර්ධනය වෙමින් තිබූ අතුරු සංස්කරන කිහිපයක් පිලිබඳව ඉගියන්ද අවසාන වෙමින් ප්‍රකාශ වන්නේ ඒවායේ අවශ්‍ය කොටස් බොහොමයක් නව මෙහෙයුම් පද්ධතියට සංයුත්තව පැමිනෙන්නට නියමිත යැයි පවසමිනි. එසේම මේ වන විට October 14th, 2025 දිනට windows 10 සදහා වන Microsoft සහය අවසන් වන බවට නිවේදනය කර ඇත. ඒ අනූව නිගමනය කල හැක්කේ Microsoft සම්ප්‍රධාය අනූව 10 වසරක සහය කාලය windows 10 වෙතින්ද අවසන් වනු ඇති බවය. කෙසේ වෙතත් වඩාත් අවධනය දිනා ගන්නා එක් ප්‍රශ්නයක් වන්නේ windows 10 සදහා මෑත දී නිකුත්වූ ප්‍රධාන Update වලින් පසුව සහය දක්වන උපාංග වෙතට පැමින්නේ හුදු ආරක්ශක යවත්කාලීනයන් පමනක් වේවිද යන්න. අනෙක නම් windows 11 වෙතට upgrade වන්න හැකි සීමිත පරිගණක හැරුන විට අනෙකුත් පරිගණක සදහා 2025න් පසුව කුමක් වේවිද යන්නය.
Pubudu Siriwansa