ඉදිරි දින දහය අවසන් වන විට windows 11 නැතිනම් Microsoft සමාගමෙන් පැමිනෙන මීලග මෙහෙයුම් පද්ධතිය සූදානම්ව තිබේ. පෙර සංස්කරන වලට වඩා මදක් තීරනාත්මක දෘඩාංග මට්ටමින්ම අනිවාර්ය අවශ්‍යතා ප්‍රකශයට පත්කර ඇත. එනම් Secure Boot හා TPM 2.0( Trusted Platform Module) ය. TPM පහදන්නේ කුඩා චිප් එකක් ලෙසටය. එය ඔබගේ ආරක්ශිත තොරතුරු වඩාත් සුරක්ශිත කරන්නට කටයුතු කරනු ඇත.. එකක් ලෙසටය. එය ඔබගේ ආරක්ශිත තොරතුරු වඩාත් සුරක්ශිත කරන්නට කටයුතු කරනු ඇත. බොහෝ විට microsoft ආයතනය Windows 11 සමග වඩාත් ආරක්ශිත හා සුමට භාවිතාවකට අවශ්‍ය පසුබිම සැලකිලි මත් වූවා විය හැක. ඒ අනූව විශාල වපසරියක දෘඩාංග තලයන්ට සහය දක්වනවා වෙනුවට ඔවුන් සීමිත දෘඩාංග පරිසරයක් තුලට ගොනුවන්නට තීර්නය කලාවිය හැක. ඒ අනූව Microsoft ආයතනය පවසන්නේ Windows 11 බොහෝ පරිගනක වලට ස්ථාපිත කරන්නට හැකි වුවද යවත්කාලීන යන් සමග යහපත් දීර්ගකාලීන භාවිතාවකට සහය නොදක්වන බවකි. එනම් යාවත්කාලීන නැතිනම් update නොලැබෙන බවකි. Microsoft ආයතනය windows 11 වෙනු වෙන් මේ වනවිට නිකුත්කොට ඇති සම්පූර්න අවශ්‍යතාවන් මෙසේය.
1Ghz 64-bit dual-core processor
4GB RAM
64GB storage
9-inch display (1366×768 resolution)
UEFI, Secure Boot & TPM 2.0
DirectX 12 compatible graphics / WDDM 2.x

මීට අමතරව ඔබගේ පරිගනකය ලැප් එකක් වන විට අමතර අවශ්‍යතා කිහිපයක් ප්‍රකාව ඇත. ඒවා නම් webcam, Bluetooth හා Precision Touchpad ලෙසට දැක්වේ. ඒසේම external PCIe capable ports (Thunderbolt වැනි) අවස්ථාවලදී Memory Access Protection හෝ Kernel DMA Protection (kDMA)හා එය enabled/opted-in by default ආකාරයට තිබිය යුතු බව පවසයි. කෙසේ වෙතත් ඔබ මේ පහසුකම් පිලිබඳව එතරම් කලබල විය නොයුත්තේ බොහෝ නවීන උපාංග වල මේවා ස්ථාපිතවම පැමින ඇති නිසාය. අනිත් අතින් ඔබගේ උප්කරනය windows11 සදහා සූදානම්දැයි පරික්ෂාව සදහා Microsoft ආයතනය Microsoft’s PC Health Check app නමින් මෘදුකාංගයක් නිකුත්කොට ඇති අතර එය මගින් පහසුවෙන් පරික්ෂාකරගන්නට හැකිවනු ඇත. එසේම අන්තර්ජාලයෙන් බාගත හැකි මෙම tool එක මගින් ඔබගේ පරිගණකයේ මෙම අවශ්‍යතා සපුරා ගගන්නට අවශ්‍ය යෝජනාද ලබා දෙනු ඇත.
Pubudu Siriwansa