Microsoft සමාගම තම මෙහෙයුම් පද්ධතියේ මීලග ප්‍රධාන සංස්කරනයකට කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින කාලපරිච්චේදයකි. ස්පර්ශක තිර මිත්‍ර windows 8 හා 8.1 වල ‍රැගෙන විත් තිබූ අනිවාර්ය අංගයන් තුලනය කරමින් හා Start මෙනුව නැවත ගෙනෙමින් සමග බොහෝ නවාංග ‍රැගෙන එන මෙම ප්‍රධාන සංස්කරනය පිලිබදව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අවධියක මීලග අවධානය ලබා ගන්නේ එහි මොබයිල් සංස්කරනය වෙතටය. windows 10 වල මොබයිල් සංස්කරනයේ නිලනාමය මේ වන විට Windows 10 Mobile ලෙසට නම්ව තිබෙනවා. මෙම වසරේදී මෙහි නිකුතුවද පැමිනෙන්නට නියමිත බවට තොරතුරු හෙලි වන මෙහි (SKU) භාවිත හැකියාව mini tablets දක්වා ඉහලට විහිදෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Windows 10 සදහා පැමිනෙනට නියමිත සංස්කරන පිලිබදවද මේ වන විට තොරතුරු හෙලි වෙමින් ඇති අතර එහිදී Home, Mobile, Pro, Enterprise, Education, Mobile Enterprise හා IoT Core ලෙසට ඒවා නම් වෙනු ඇති බවට මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙනවා.