සාම්ප්‍රධායික තොරතුරු උපාංග ලෝකය පුපුරා යමින් ඇත. වඩාත් නම්‍ය ප්‍රායෝගික උපාංග එක් දෙසකින් වේගයෙන් කරලියට පිවිසෙන අතරම තවත් දෙසකින් භාවිතාවද වඩාත් වැදගත් වෙමින් ඇත. භාවිතාකරන්නා මූලික තොරතුරු ලෝකය නිර්මානය වෙමින් ඇත. එය තව දුරටත් උපාංගය පසුපස හඹා යන්නා වෙනුවට භාවිතාව භාවිතාකරන්නා හඹෑන තොරතුරු ලෝකයක් නිර්මානය කරමින් සිටී. මෙවර Microsoft වල Research’s Devices and Networking Summit වලදී printable හා foldable electronics පිලිබදව වැඩි අවධානයක් ගනු ඇති බවට බලාපොරොත්තුවූවේ එබැවිනි. textile මත නිර්මාණය වන සංවේධයන් හා බටනයන් සහිත අනාගත උපාංග වැනි දෛනික ජීවිතය මතවඩාත් සුව පහසු හා ප්‍රායෝගික පැමිනීම් අනාගතයේ දිශානතිය ලෙසට ඔවුන් උපකල්පනය කර සිටින්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. ද්‍රව්‍ය මත මුද්‍රනය වන transparent organic conducting polymer වැනි භාවිතාවන් සමග වන organics, carbon nanotubes හා silver nanoparticles සමග නිර්මානය වන circuit board පිලිබදව ඔවුන්ගේ අත්හදා බැලීම් වඩාත් කේද්‍රගත කරන්නට තීර්නය කරන්නට ඇත්තේ එනිසා වෙනි.