Virtual Reality තොරතුරු ලෝකයේ අනාගත ගමන් පතයෙහි කැපී පෙනෙන සලකුනකි. Text හා Images ඉක්මවන තිරය ප්‍රධාන භාවිතාව පසුකරන හෙට දවසේදී වඩාත් තාත්වික අත්දැකීමකට භාවිතාකරන්නා කැදවන්නට මෙහිදී හැකිවන බවට බොහෝ සෙයින් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. දෙනතට පැලදෙන උපාංගය ඔස්සේ වඩාත් ත්‍රිමානීයව තොරතුරු අත්දැකීම භාවිතාකරන්නා වෙතට කැඳවෙන තාක්ශන දියුනු කිරීමක් වෙනුවෙන් Microsoft වෙතින් පැමිනෙන ව්‍යායාමය Irides project ලෙසට නම්ව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ සදහා වන ඔවුන්ගේ දියුනු කිරීමවන head-mounted displays (HMDs) වලදී වඩාත් තියුනු කරන ලද responsiveness හ mobility බවින් වැඩි අත්දැකීමක් ගෙන එන්නට cloud තාක්ශනය භාවිතාව පදනම් වෙමින් low-latency හා low-bandwidth ක්‍රියාත්මකවීමක් සමග හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. එසේම ලබන අත්දැකීම වඩාත් භාවිතාකරන්නාගේ කැමැත්තට සමීප කර දෙන “likelyhood-based foveation” තාක්ශනයද ඔවුන් භාවිතාකරමින් සිටිනවා. දැනටමත් මෙම දියුනු කිරීම Doom 3 සමග සාර්ථකව අවසන් කර ඇති අතර තවමත් research project එකක් ලෙසට පවතින මෙහි නිකුතුව VR headset එකක් ලෙසට වඩා HoloLens වල අනාගත සංස්කරනයක් ලෙසට පැමිනීමේ වැඩි අවකාශයක් පවතින බවටයි බලාපොරොත්තු වන්නේ.