Microsoft සමාගම තම නවතම Edge බ්‍රවුසරය පිලිබදව මේ වන විට වඩාත් තොරතුරු හෙලිකරන්නට කටයුතු කරමින් සිටිනවා. Project Spartan ලෙසට මුලින් නම් දරමින් පැමිනි මෙම බ්‍රවුසරය සමග වඩාත් නම්‍ය, වේගවත්,ආරක්ශිත භාවිතාවක් සහතික කරන්නට ආයතනය දැනටමත් කටයුතු කොට තිබෙනවා. ඔවුන් පවසන්නේ Windows 10 සමග වන මෙම බ්‍රවුසර භාවිතාව සමග phishing attacks, malicious extensions, memory corruption වැනි භාවිතාකරන්නන් බහුලවම අත්විදිමින් ඇති අපහසුතාවන් පාලනය කර දෙන්නට කටයුතු කරනු ඇති බවටයි. නව බ්‍රවුසරය සමග එන SmartScreen, Certificate Reputation checking, HTTPS lock symbolමෙන්ම EV Cert green bar වැනි අංගයන් පිලිබදව ඔවුන් මෙහිදී පැහැදිලි කර සිටිනවා.sandbox නොහොත් ආරක්ෂිතව වෙනම තලයක මෘදුකාංග ධාවනයේ තාක්ශනය මෙම බ්‍රවුසරය සමග වඩාත් දියුනු ආකාරයට ක්‍රියාත්මක වන බව පැහැදිලි කරන ආයතනය එහි වන app ස්වභාවය නිසා පහසුවෙන් හා වේගවත් යාවත්කාලීන හැකියාවක් ලැබෙනු ඇති බවට පවසනවා.