Windows 10 සමග නැවත භාවිතාකරන්නන්ගේ අවධානය තම නවතම මෙහෙයුම් පද්ධතිය වෙතට ගෙනෙන්නට Microsoft සමත්වනු ඇති බවට හදාරන්නන්ගේ අනාවැකි පලවෙමින් තිබෙනු දැයිය හැකි වාතාවරනයක් නිර්මානය වෙමින් ඇත්තේ එහි අවසාන සංස්කරනය පැමිනෙන්නට දින කිහිපයක් පමනක් ඉතිරිව ඇති පරිසරයකදීය. ඉතා සරල මට්ටමේදී Start මෙනුව නැවත පැමිනීම Pc වාතාවරනයකදී නව මෙහෙයුම් පද්ධතිය සාර්ථක විමට පලමු කොන්දේසිය සපයමින් සිටී. පැරනි Start මෙනුව නව Start මෙනුව සමග සුසංයෝජනව තිබීම වැඩි පහසුවක් පමනක් නොව වඩාත් අලංකාර මෙහෙයුම් පද්ධති මුහුනතක් ගෙනැවිත් තිබීම ආකර්ශනීය වනු ඇත. ජම්ප් ලිස්ට් වැනි පැරනි හැකියවන්ද නව Start මෙනුව සමග වීම මේ වෙතට පැමිනෙන්නා වඩාත් ඇද බැද තබා ගනු ඇත. Edege බ්‍රවුසරය වඩාත් නම්‍ය සෙයුමක් ආරක්ෂිතව භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට කටයුතු කරන අතර Cortana ඩිජිටල් සහකරු පරිගනකය සමග සෙවීම්, මෙහෙයවීම් වඩාත් මිනිස් ස්වභාවයට සමීපකරවා ඇත. “XP සමග හුරු පුරුදු සම්ප්‍රධාය Win 8 සමග පැමිනි නවාංග සමග මනාව සංයෝජනය කරන්නට ඔවුන් සමත්ව තිබීම කැපී පෙනෙන සාර්ථකත්වයකි.”
Universal Apps ගෙනෙන Universal Windows Platform (UWP) ඔස්සේ උපංග කිහිපයක් භාවිතාකරන වර්ථමනයේ එවා අතර විය යුතු මනා නම්‍ය ගලා යාමට පහසුකරවා ඇති අතර තමන් ස්ථාපනය වන උපාංගය අනූව සැකසීමේ හැකියාව භාවිතාකරන්නා හට සංකීර්න වාථාවරනයන් ගෙන ඒම අහවර කර දමා ඇත. ප්‍රදාන පෙලේ සියලුම පාහේ තොරතුරු තාක්ශන උපාංග හා සේවා ආයතනයන් සියල්ලම මේ වන විට Windows 10 සදහා තම අවධානය යොමුකර ඇති අතර XP සමග නතරව ඇති භාවිතාකරන්නන් ඇතුලුව ලොවපුරා වන බිලියන ගනනක තම භාවිතාකරන්නන් නව මෙහෙයුම් පද්ධතිය වෙතට පහසුවෙන් කැදවන්නට සමත්වනු ඇති බවට දැනටමත් පැහැදිලි වෙමින් ඇත.