සාමන්‍ය රටාවෙන් බැහැරව Microsoft වෙතින් මේ වාන් විට ඔවුන් සහය දක්වන සියලුම මෙහෙයුම් පද්ධති සංස්කරන වලට අදාල වන සේ ආරක්ශක යාවත්කාලීනයක් නිකුත්කර තිබෙනවා. ඔවුන් පැහැදිලි කරන්නේ embedded OpenType font සමන්විත වෙබ් පි‍ටු හෝ document එකක් ඔස්සේ පැමිනිය හැකි මෙම හානිය සමග පහර දෙන්නේකුට remote code execution ආකාරයේ දුර්වලතාවයක් විවරවීම පාලනය කරන්නට මෙම යාවත්කාලීනය වැදගත්වනු ඇති බවටයි. දැනටට ලොවපුරා පරිගනක බිලියන 1.5කට ආසන්න ප්‍රමානයක Windows ධාවනය වෙමින් පවතීන නිසා මෙවන් අකාරයේ අසාදනයකට විවෘත වීම පෞද්ගලික මට්ටමේ මෙන්ම ආයතනික මට්ටමේද මහා පරිමානයේ බලපෑමක් කරන්නට හැකි වීම සැලකීමේදී සාමාන්‍ය පරිපාටියෙන් බැහැරව මෙම නිකුතුව සිදුකරන්නට තීර්නය කර තිබෙනවා.