වඩාත් පූර්න සැකසුමක් ක්‍රියාකාරීත්වයක් ‍රැගෙන එන්නට Windows 10 සූදානම්ය. සාපේක්ෂව සැලකීමේදී ලොවපූරා බිලියන ප්‍රමානයක අත්හදා බලන්නන් අතින් වඩාත් හැඩවූ නිවැරදි වූ මෙම මෙහෙයුම් පද්ධතිය Windows 8 සමග ආයතනයෙන් යම් ප්‍රමානයකට ගිලිහී ගිය අවධානය නැවත ගෙනැවිත් ඇත. වඩාත් නම්‍යව හැසිරෙන නව Start මෙනුව Live Tiles වලින් වලින්ද සමන්විතව ඔබගේ කැමැත්ත පරිදි හුරු පුරුදු පැරනි සම්ප්‍රධායික Start Menu වේ සිට නව Start screen දක්වා පරාසයේ සියලුම ක්‍රියාකාරීත්වයන් තොර ගැනීමේ හැකියාව ගෙනැවිත් ඇත. මෙනුවේ ප්‍රමානය පහසුවෙන් හසුරවන්නට, අක්ෂර ඔස්සේ මෙනුවේ අඩංගු දෑ පහසුවෙන් සොයා ගන්නට, Live Tiles ඔස්සේ යාවත්කාලීනයන් පහසුවෙන් ලබා ගන්නට වැනි බොහෝ හැකියාවන් මෙහි වේ. Cortana හැකියාව අසීමිතය. පරිගණකය තුලට, වෙබ් අවකාශයට මෙන්ම ස්කයි ඩ්‍රයිව් වැනි පෞද්ගලික ගොනු ‍රැඳවෙන අවකාශය පාලනයට එය සූදානම්ය. තොරතුරක් සොයා ගන්නට, App එකක් ක්‍රියාත්මක කරවා ගන්නට, Email එකක් සටහන් කර එය යොමුකරවන්නට මෙන්ම දවසේ සැලසුමේ මීලග අංගය මතක කර දෙන්නට පමනක් නොව සුහඳ කථාබහක් ඔස්සේ තොරතුරු ගෙන දෙන්නට එය සූදානම්ය.
Edge පිරිසිදු පැහැදිලි නව සැකසුමක් සමග විත් ඇත. වඩාත් ආරක්ශිත මෙන්ම නම්‍ය ක්‍රියාකාරීත්වයකට එය සූදානම්ය. වෙබ් පි‍ටුවක් තම පෞද්ගලික ආකාරයට සංස්කරනය කර ගන්නට මෙන්ම පසුව එය ලබා ගන්නට හැකිවන ලෙසට මතක තබා ගැනීමේ හැකියාව මෙන්ම Share කිරීමේ හැකියාව සිත්ගන්නා සුලු වනු ඇත.සමස්ත මෙහෙයුම් පද්ධතිය තුලටම කිදා බැස ඇති Cortana ඔස්සේ නව බ්‍රවුසරය වඩාත් නම්‍ය සහයක් භාවිතාකරන්නා වෙතට ගෙනෙන බවට බල පොරොත්තු තබා ගත හැක. භාවිතාකරන්නාගේ වඩාත් ආරජ්ක්ශාව තහවුරු කරන්නට Windows Hello සූදානම්ය. fingerprints නැතිනම් facial recognition ඔස්සේ භාවිතාකරන්නගේ වඩාත් නිවැරදි අනන්‍යතාවය එය තහවුරු කර දෙනු ඇත. ප්‍රධාන මුහුනතෙහි දකුනු කෙරවලින් ටාර්ස්ක් බාරයේ සිට අවදිකරවා ගන්නට හැකි වන නව ‘Action Center’ සමග සමස්ථ උපාංගයේම නව තත්වය හඳුනා ගන්නට පාලනය කරන්නට අවස්ථාව ගෙනැවිත් තිබීම අමතක නොකල යුතුම කාරනාවකි.
මේ සියල්ල සමග Windows 7 හා Windows 8.1 වල සිට නොමිළේ නව මෙහෙයුම් පද්ධතිය වෙතට පැමිනීමෙ හැකියාව වඩාත් වඩාත් ආකර්ශනීයය. එල බෙන 29 යේ සිට මෙම මෙහෙයුම් පද්ධතිය ඉහල නංවන්නන් සදහා අවකාශය ලැබෙන අතර Microsoft ආයතනය බිලියන ගනනකගේ එම අවශ්‍යතාවය සපුරාලන්නට අවශ්‍ය සර්වර පහසුකම් සූදානම් බවට මේ වන විට නිවේදනය කර තිබෙනවා.