සාමාන්‍ය භවිතාකරන්නා Windows 10 වෙතට කැදවා ගැනීම ක්‍රමයෙන් සාර්ථක වෙමින් ඇති බවට හැදෑරුම් වාර්ථා පැහැදිලි කරමින් සිටී. ඔවුන් පෙන්වා දෙන්නේ හුරු පුරුදු භාවිතාවන් වෙතින් ඉවතට ගැනීම ඉතාකල්පනාකාරී නොවුන විටකදී සරලතම කාරනා ඔස්සේ පවා ඔවුන්ගෙ අවධානය ගිලිහීම සිදු වන බවකි. Windows 10 මත වේන්ස් බව සටහන් කරන්නට Microsoft වෙතට වූ අවශ්‍යතාවය එහි වෙළඳ නාමයේ සිටම අවශ්‍ය විය . බලාපොරොත්තුවූ Windows 9 වෙනු වට Windows 10 ලෙසට නම් කරන්නට කටයුතු කෙරෙනි. ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට DeskTop භාවිතාව ප්‍රමුක බව අවසන්ව නැති බව පිලිගනිමින් මවුසය , කීබෝර්ඩය ප්‍රමුක හැසිරවිමෙ හැකියාව සරලව නැවත ගෙනෙන්නට කටයුතු කෙරෙනි. මීට අමතරව සංකිර්න වෙමින් ඇති උපාංග අතර පරතය ගැටලුවක් නොව සේ භාවිතයට පහසුව දෙන තවත් දියුනු කිරීම් රාශියක් නව සංස්කරනයට ගෙනෙනට කටයුතු කෙරිනි. පලවන් නවතම නොනිල තොරතුරු පවසන්නේ Windows 10 build 10009 පමන වන විට පැමිනෙන්නට නියමිත නව icon updates ද භාවිතාකරන්නා වෙතට වඩාත් නව පෙනුමක් සදහා සූදානම් වෙමින් ඇති බවකි. වඩාත් flattened පෙනුමක් හා කුඩා බවක් ගෙනෙන එම Recycle bin, Control Panel හා Drive icons ඒවා අතර වනවා. සුපුරුදු Control Pane හා PC Settings modern app වැනි නව විභේදනයන් අවසන්මෙහෙයුම් පද්ධති නිකුතුවේදී ස්තාන ගතවන ආකාරය පිලිබදව වැනි ගැටලුකාරී අවස්ථා තවමත් වූවද නව මෙහෙයුම් පද්ධතිය වඩාත් වෙනසක් ගෙනෙන බවටනම් මේ වන විට කිසිදු සැකයක් නැති බවටයි පැමින ඇති පෙර සංස්කරනයන් පෙන්වා දෙමින් ඇත්තේ.

20150206_111047_855