සමාජ ජලා වඩාත් ප්‍රබල සංනිවේදනයක් ගෙනෙන භාවිතාවන් වෙමින් තිබේ. සාම්ප්‍රධායිකව මාධ්‍ය ආයතනයේ නියෝජිතයා සිදුවීමට පැමින ඔහුගේ කෝනයෙන් කෙරෙන වාර්ථා ගත කිරීම මාධ්‍ය ආයතනයේ නැවත සස්කරනයකින් අනතුරුව ප්‍රචාරයට පැමිනෙන අතර පැමිනෙන නව භාවිතවේදී සිදුවීමට මැදිහත් වන්නාට පවා තම අත්දැකීම Twitter , Facebook, Google+ වැනි සමාජ ජාලා අවකාශයක් ඔස්සේ තම හිතවතුන් අතරට මෙන්ම විවෘතව පල කිරීමේ නිදහස ලැබේ. පැමිනෙමින් ඇති නව ප්‍රවනතාවය වන්නේ සමාජජාලා පලකිරීම් search results අතරටද පැමිනෙමින් වඩාත් පුලුල් අවකාශයක් පුරා එම තොරතුරු ගලා යන්නට අවස්ථාව ලැබීමය. මේ අනූව් පලවන නවතම තොරතුරු හෙලිකරන්නේ Google ආයතනයද තම සෙයුම් ප්‍රථිපල තුලට Twitter පලකිරීම් ගෙන ඒමට එකගතාවයකට පැමිනෙමින් ඇති බවකි. Bing දැනටමත් Twitter සමග මේආකාරයේ එකගතාවයකට පිවිස ඇති අතර ඒ අනූව ඔවුන්ගේ ප්‍රථිපල තුලට වඩාත් people හෝsubjects තොරතුරු embedded වීම ඔස්සේ වඩාත් real-time content ගෙන එන්නට සමත්ව ඇති බවයි. ඇති විය හැකි සංකීර්නතා පැහැදිලි කරමින් පැවසෙන්නේ සියලු Twitter පලකිරීම් නොව වැඩි අවධානයක් ලබා ගන්නා හා වඩාත්ම අලුත් පලකිරීම් ‍රැගෙන ඒම මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවනු ඇති බවයි.