Microsoft නිවේදනය කරන්නේ මේ වන විට Windows 10 වෙතට අත්හදා බැලීමේ මට්ටමින් සහභාගීවන පිරිස මිලියන දෙකක් ඉක්මවමින් සිටින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ Windows 10 keynote වලින් පසුව ගතව ගිය දින කිහිපය තුලදී 300,000 කට අදික නව භාවිතාකරන්නන් පිරිසක් Windows 10 පෙර සංස්කරන ඔස්සේ එය අත්හදා බැලීම සදහා එක්ව ඇති බවකි. ඒ වන විට මිලියන 1.7ක පිරිසක් Insider program වෙතට එක්ව තිබුන බවටයි වාර්ථා වූවේ. මෙදින නිකුතුව Windows 10 වල පලමු consumer සංස්කරනය වූ අතර windows 8 වෙත පිවිසෙන්නට භාවිතාකරන්නන් අකමැති බවක් දැක්වීමේ බාදකය මෙම Windows 10 සමග සමනය වන බවක් ක්‍රමයෙන් දක්නට ලැබෙන බවටයි හදාරන්නන් පෙන්වා දෙමින් සිටින්නේ. නව සංස්කරන සමග එන Cortana, Continuum වැනි පහසුකම් සමග වඩාත් නම්‍ය භාවිතාවක් මෙන්ම උපාංග අතර වන පරතරයන් පහසුවෙන් ස්වංක්‍රීයව විසදෙන බව වැනි ලක්ෂන මෙසේ නවසංස්කරනය වෙතට වැඩි ආකර්ෂනයක් ගෙනෙන්නට සමත්ව ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ.