Facebook, AIM, Hipchat, Instagram, MySpace, Tinder වැනි ප්‍රධන පෙලේ වෙබ් සේවාවන් කිහිපයක්ම දැනට පැය කිහිපයකට පෙර බ්ඳවැටීමක් සිදුවූ බවට වාර්ථාවනවා. DDoS ආකාරයේ පහර දීමක් ලෙසට මෙම බිඳවැටීම සැලකෙන ලද අතර Lizard Squad වෙතින් නිකුත්වූ Twitter පලකිරීමක් ඔස්සේ එහි වගකීම භාරගන්නා බවක් දක්වා තිබිනි. මෙම කන්ඩායම විසින් ඊයේ දිනයේදී Malaysia Airlines වල වෙබ් අඩවිය වෙතටද පහදීමක් ඔස්සේ බිඳ දමන්නට කටයුතු කර ඇති බවටයි වාර්ථා වූවේ. කෙසේ නමුත් Facebook වෙතින් පලවූ නිවේදනයක් පැහැදිලි කර සිටියේ Facebook හා Instagram වල තාවකාලික බිඳ වැටීම තම් අයතනය් අභ්‍යන්තරයේ පද්ධතිවල බිඳ වැටීමක ප්‍රථුඉපලයක් බවයි.