YouTube නිවේදනය කරන්නේ තම වීඩියෝවන් වෙබ් අවකාශය මතදී ධාවනය සදහා වූ default සැකසුම් Flash වල සිට HTML5 දක්වා වෙනස් කර ඇති බවයි. වඩාත් හොඳ performance, stability, battery life මෙන්ම ආරක්ශාව අතින්ද HTML5 තලයේදී වඩාත් පහසු වන අතර ගුගල් ආයතන් අයතනය තම you tube තුල වසරක පමන කාලයක සිට HTML5 player අත්හදා බැලීමේ මට්ටමින් භාවිතාකර සිටීමෙන් අනතුරව අවසානයේ මෙම default ප්ලේයරයේ වෙනස ගෙනෙන ලද බවටයි වාර්ථාවන්නේ. මෙම නව වෙනස සමග පහසුවෙන් Adaptive Bitrate streaming (ABR) එනම් නරබන වීඩියෝවේ qualityය වෙනස් කර ගැනීම මෙන්ම වඩාත් උපාංග සමග streaming හැකියාවද පැමිනෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම පෙරට වඩා මිත්‍රශීලී mobile devices අතර භාවිතාවක්ද නව වෙනස් අසමග එනු ඇති බවට පැහැදිලි කෙරෙනවා.