දෛනික ජීවිතය තුලට දත්ත උපාංග එක්කට වඩා භාවිතයට පැමිනීම සාමාන්‍ය ස්වභාවයක් වෙමින් ඇත. මේ තුල හමුවන ප්‍රථම පංතියේ ගැටලුවක් වූවේ තමන් පෙර කටයුතු කරමින් සිටි ක්‍රියාකාරකම නව උපාංගය සමග ඉදිරියට ගෙන යන්නට ඇතිවු අපහසුතාවය විය. Microsoft සමාගම මේ සදහා යෝජනාකල විසන්දුම වූවේ Universal App සංකල්පයයි. මේ වන විට Windows Phone හා Windows 8.1 අතර සාර්ථකව භාවිතාවිය හැකි VLC media player app එකක් හඳුන්වා දෙමින් එය සාර්ථක Universal App තත්වයට පත්ව ඇති බවට වාර්ථාවනවා. Windows 10 සමගද මනාව සැසදෙන සංස්කරනයක් ලෙසට දියුනු කර ඇති මෙහි හදුනා ගෙන තිබූ දුර්වලතා රාශියක් සමනය කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.