බහුල භාවිතාවක් දිනගෙනා ඇති WhatsApp බ්‍රසීලයේ භාවිතාව තහනම් කරන්නට එරට අධිකරන විනිසුරු වරයෙකු නියෝග කර ඇති බවට වාර්ථාවනවා. මෙම සිදුවීමට පසුබිම් වන්නේ child pornography වලට සම්බන්ද share වීමක් පිලිබදව තොරතුරු එම සිදුවීම සොයා බලන නිලධාරීන් අතට ලබා දෙන්නට කල නියෝගයක් අදාල සමාගම විසින් ක්‍රියාත්මක නොකිරීම නිසා බවටයි වාර්ථාවන්නේ. එම ආයතනය පැහැදිලි කරන්නේ end-to-end encryption techniques නැතිනම් උපාංගයේ සිට අනෙක් උපාංගය වෙතට දක්වා දත්ත ආරක්ශිතව භාවිතාව තුල තමන් හට අදාල තොරතුරු ලබා ගැනීමේ හැකියාව නොමැති බවකි. අදාල සමගම මෙම තීර්නයට එරෙහිව ඉහල අධිකරනයකදී තොරතුරු පැහැදිලි කරන්නට සූදානම් වන බවටයි තොරතුරු හෙලිවන්නේ.