මුහුදු පත්ල මතින් දිවෙන සමස්ථ අන්තර්ජාල කේබල් පද්ධතිය (submarine cables) ආසන්නව 378 ලෙසට ගනනය වන අතර ඒවායේ සමස්ථ දිග 1.2 million kilometers ලෙසට ගනනය වේ. හදාරන්නන් පිරිසක් යෝජනා කරමින් සිටින්නේ මෙම undersea telecommunications cables පද්ධතිය ආශ්‍රයෙන් sensors array එකක් ස්ථාපිත කිරීමෙන් seismic activity නැතිනම් භූකම්පණ පිලිබඳව පහසුවෙන් පෙර තොරතුරු ‍රැස්කර ගන්නට හැකි වනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම කේබල් ජාලය සමග repeaters නම් කේබල් ඔස්සේ ගලායන සංඥා නැවත් ශක්තිමත් කරන උපකරන වන අතර ඒවා සෑම 28 – 56 miles (45 – 90 km) පරතරයකින් වන නිසා ඒවා ඇසුරින් මෙම නව සංවේධන පද්ධතිය ඉදිකරන්නට හැකි බවයි.
Pubudu Siriwansa